රැඳවියෝ කුලප්පු වෙති

අප්‍රේ 16, 2023

    ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුම්වලින් රැඳවියන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව, එරට බලධාරින් පවසනවා.


    ඉක්වදෝරයේ "ගුවායාකිල්" නගරයේ පිහිටි බන්ධනාගාරයක රැඳවියන් කණ්ඩායම් කිහිපයක් අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වර් ධනය වෙමින් පවතින බව, එරට බලධාරින් පවසනවා. ගැටුම්වලින් රැඳවියන් පිරිසක් තුවාල ලබා ඇති බවයි, එම බලධාරින් සඳහන් කරන්නේ.

    සමූල ඝාතනවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිරගත වූවන්, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට පෙළඹී සිටින බවට, මූලික පරීක්ෂණවලින්, හෙළි වී ඇති බව, ඉක්වදෝර ආරක්ෂක අංශ පවසනවා. කෙසේවෙතත්, ගැටුම් පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක පියවර ගෙන ඇති බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    Last modified on ඉරිදා, 16 අප්‍රේල් 2023 19:40

    Latest News