විද්‍යාඥයන් පිරිසක් ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලෙහි අඩි සිය ගණනක් ගැඹුරට සිදු කළ මෙම නව පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ මීට වසර මිලියන 3 කට හෝ මිලියන 15 කට පෙර කාල පරිච්ඡේදයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා දැවැන්ත සුනාමි රළ ඇති වී තිබෙන බවයි. එම සුනාමි රළ දකුණු අමෙරිකාවේ, නවසීලන්තයේ සහ අග්නිදිග ආසියාවේ වෙරළබඩ ප්‍රදේශ දක්වා විහිදී ගොස් ඇති බව, අනාවරණය වී තිබෙනවා. දේශගුණික විපර්යාස හමුවේ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමෙන් මෙවැනිම දැවැන්ත සුනාමි තත්වයක් යළි ඇති වීමේ අවදානමක් පවතින බවයි, එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.