ෆුකුෂිමා බලාගාරයේ අපද්‍රව්‍ය ජලය මුදාහැරීමට අවසර

ජූලි 05, 2023

    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපද්‍රව්‍ය සහිත ජලය මුහුදට මුදාහැරීමට, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය ජපානයට අවසර ලබා දී තිබෙනවා.

    2011 වසරේ සිදු වූ භූමිකම්පාවෙන් අනතුරට ලක් වූ බලාගාරයෙන් නිකුත් කෙරෙන ජලය ගබඩා කරගැනීමට ඉඩ නොමැති වීම, මෙම ජලය මුහුදට නිකුත් කිරීමට හේතුවයි.

    බලාගාරයේ සිදු වූ අනතුරෙන් පසුව, එහි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිසිල් කිරීමට යොදාගන්නා ජලය දිනකට ඝණ මීටර 100 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එම ජලය වසර ගණනාවක් තිස්සේ එකතු වෙමින් පවතින අතර මේ වනවිට ඒවා ගබඩා කරගැනීමට බලාගාරයේ ඉඩ ඇත්තේ ඝන මීටර මිලියන 1.3 ක ප්‍රමාණයක් පමණයි. එම නිසා එම අප්‍රද්‍රව්‍ය සහිත ජලය යම්කිසි ප්‍රමාණයකට පිරිසිදු කිරීමෙන් පසුව පැසිෆික් සාගරයට මුදාහැරීමටයි ජපානය සූදානම් වන්නේ. එමගින් පරිසරයට සිදුවන හානිය නොසැලකිය හැකි තරම් කුඩා බවයි, ජපානය සහ අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය පවසන්නේ. නමුත් මෙම තීරණයට චීනය, දකුණු කොරියාව සහ ජපාන ධීවරයින් සිය විරෝධය පළ කරනවා. ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරය අක්‍රීය කිරීමේ කටයුතු, මේ වනවිට ආරම්භ කර ඇතත් එය පූර්ණ වශයෙන් අක්‍රීය කිරීමට තවත් දශක ගණනාවක් ගතවනු ඇති බවයි පැවසෙන්නේ. මෙම න්‍යෂ්ටික අනතුර සැලකෙන්නේ චර්නෝබිල් න්‍යෂ්ටික අනතුරෙන් පසුව ලොව සිදු වූ බරපතලම න්‍යෂ්ටික අනතුර බවයි.

    Latest News