ලෝකයම එපා කියන 'පොකුරු බෝම්බ' ඇමරිකාවෙන් යුක්‍රේනයට

ජූලි 10, 2023

    අමෙරිකාව, යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා. 

    මේ වන විට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ඔහුට ඒ සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    තහනම් අවියක් ලෙස නම් කර ඇති පොකුරු බෝම්බ යුක්‍රේනයට ලබාදීමට එරෙහිව කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය අමෙරිකාවට චෝදනා කරනවා.  මෙවැනි බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන්ට හානි සිදුවීම ඊට හේතුවයි. 

    අමෙරිකාව පවසන්නේ, යුක්‍රේනයේ ආයුධ හිඟවීම නිසා මෙම බෝම්බ ලබා දුන් බවයි.  පොකුරු බෝම්බ නිෂ්පාදනය සහ භාවිතයට අදාළ ලියවිල්ලකට එරෙහි රටවල් 123 ක් අත්සන් තබා ඇති අතර, බ්‍රිතාන්‍යයද ඒ අතර වනවා.  අමෙරිකානු ජනාධිපතිවරයා අද බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් හමුවනවා.

    එහිදී යුක්‍රේන අර්බුදය ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කිරීමට නියමිතයි. 

    Latest News