බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා ඇත්තේ.
ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.
එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කළා.
ටෝකෝ ' මට සත්වයකු වීමට උවමනායි' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් උඩුගත කර ඇත.
එම වීඩියෝව ද මේ වන විට මිලියන ගණන ග්‍රාහකයින් පිරිසක් නරඹා තිබෙනවා.