ගංගා සහ ඇලදොලවල් ආශ්රිතව මෙන්ම, මහා මාර්ගවල ගමනා ගමනයේ දී දැඩි අවධානයකින් පසු වන ලෙසයි, බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.
අඩු මෝසම් සුළං සහ අඩු පීඩන තත්වය යටතේ වර්ෂාපතනයේ බලපෑම වැඩි විය හැකි අතර, මදේස්, බග්මතී, ලුම්බිණී, ගන්දකී යන පළාත් සඳහා අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කෙරුණා. පවතින අයහපත් කාලගුණික තත්වය, තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි, නේපාලයේ කාලගුණ අංශ පවසන්නේ.