"සෙඕලා" චීනය කළඹයි

සැප් 02, 2023

    "සෙඕලා" සුළි කුණාටුවෙන් චීනයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    මේ වන විට සුළි කුණාටුව, එරට දකුණු දිග " ග්වංඩොං" පළාතට ඇතුළු වී ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ. "සෙඕලා" සුළි කුණාටුව හේතුවෙන් චීනයේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශ මිලියන සංඛ්‍යාත පිරිසකගේ ජන ජීවතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික සුළං ප්‍රවාහයක් සහිත වාර්තා වන දැඩි වර්ෂාපතනය හේතුවෙන් සියලු පූර්වාරක්‍ෂක පියවර ක්‍රියාත්මක කරන බවයි, බලධාරින් පවසන්නේ.

    එරට නැගෙනහිර "ෆුජියෑන්" පළා‍තේ 100,000කට අධික පිරිසක් මේ වන විටත්, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවසන්. 780,000 කට අධික පිරිසක් අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි, බලධාරින් පවසන්නේ. සුළි කුණාටුව මේ වන විට පැයට ‍කිලෝ මීටර 145 ක වේගයකින් හමා යමින් පවතින බව, චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා. එරට ගුවන් ගමන් සිය ගණනක් ද අවලංගු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News