අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් 02කට හමාස් නිදහස

ඔක් 21, 2023

    හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටි එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කොට තිබෙනවා.

    මෙසේ නිදහස් කොට තිබෙන්නේ එකම පවුලේ මවක් සහ දියණියක්. ඔක්‌තෝබර් 7 වැනි දින හමාස් සංවිදානය විසින් ඊශ්‍රායලට එල්ල කල ප්‍රහාරවලදී හමාස්‌ සංවිධානය විසින් ගාසා තීරයට රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් 200 දෙනා අතර ඔවුන් ද වනවා. ජුඩිත් ටායි රනන් සහ නටාලි ශොශානා රනන් දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් ප්‍රදේශයේදී හමාස් සටන්කරුවන් විසින් ගාසා තිරයට රැගෙන ගොස් ප්‍රාණ ඇපයට ගත්තා. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඔවුන්හට නිදහස දීම "අතිශයින් සතුටට පත්වන" බවයි.

    Latest News