කසකස්ථානයේ හෙලිකොප්ටරයක් කඩා වැටේ

මාර් 29, 2019

    කසකස්ථානයේ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    උස්බෙකිස්ථාන දේශ සීමාව ආසන්න ප්‍රදේශයේදී හමුදා පුහුණුවක් අතරතුර යානය කඩා වැටී තිබේ. යානයේ සිටි සියලු හමුදා සාමාජිකයින් අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කසකස්ථාන ජනාධිපතිවරයා සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස නිළධාරීන්ට දැනුවත් කර තිබේ.

    Latest News