ප්‍රහාරය එල්ල වී තිබුණේ, අගනුවර පිහිටි නේවාසික ගොඩනැගිල්ලකටයි.
ප්‍රහාරය සම්බන්ධව, ඊශ්‍රායලයට චෝදනා කරමින් ඉරානය කියා සිටින්නේ, ඊට ප්‍රතිචාර දක්වන බවයි. ගුවන් ප්‍රහාරය සඳහා මිසයිල 4 ක් යොදාගෙන ඇති බව, ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙහිදී සිව් මහල් නේවාසික ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ගොසින්. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊශ්‍රායලය සිය ආක්‍රමණශීලී සහ ප්රකෝපකාරී ප්‍රහාර දැඩි කිරීම, සිය රජය විසින් තරයේ හෙළාදකින බවයි.