ෆිලඩෙල්පි කොරිඩෝව යුදෙව්වන් අතට

මැයි 30, 2024

    ගාසා තීරය සහ ඊජිප්තු දේශසීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කොරිඩෝව ලෙස හැඳින්වෙන උපායමාර්ගික කලාපය, තමන් විසින් අත්පත් කර ගනු ලැබූ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

    ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියල් හගාරි ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරන්නේ, හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒමට යොදා ගත් උමං  මාර්ග 20 ක් පමණ එහි තිබී සොයා ගත් බවයි. කෙසේ වුවද, ඊජිප්තුව,  ඊශ්‍රායලය විසින් සිදු කර ඇති ප්‍රකාශය, ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ඊජිප්තුව පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල හමුදාව‍ මෙය දකුණු ගාසා නගරයේ රෆා හි සිදු කරන සිය හමුදා මෙහෙයුම් සාධාරණීයකරණය කිරීමට සිදු කළ ප්‍රකාශයක් බවයි. ඊශ්‍රායල හමුදා භටයින් ඊජිප්තුව හා රෆා දේශ සීමා මායිමේ ෆිලඩෙල්පි කොරිඩෝවේ මෙහෙයුම් සහ ආරක්ෂාව ස්ථාපිත කළ බව, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශක ඩැනියල් හගාරි පවසනවා.

    ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, මෙය, හමාස් සංවිධානය නිතිපතා ගාසා තීරයට ආයුධ ප්‍රවාහනය සිදු කළ ප්‍රධානතම පිවිසුමක් ලෙසයි. ෆිලඩොල්ෆි කොරිඩෝවේ හමු වූ උමං මාර්ග සියල්ලම ඊජිප්තුවට හරස් වී ඇති බවට තමාට සහතික විය නොහැකි බවයි, ඩැනියල් හගාරි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.

    ෆිලඩෙල්පි කොරිඩෝව, ස්වරක්ෂිත කලාපයක් වන අතර, එය මීටර 100 ක් පමණ පළලින් යුක්ත වන අතර,  ඊජිප්තු මායිමේ සිට කිලෝමීටර 13 ක පමණ දුරකට විහිද යනවා.

    Latest News