ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි

මැයි 31, 2024
    ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි. ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු’ යන්න එහි මෙවර තේමාවයි.
    සෑම වසරකම ලොව පුරා පුද්ගලයින් 80 ලක්ෂයක් පමණ දුම්වැටි හේතුවෙන් අකාලයේ මිය යන බව, ලෝක සෞඛ්යම සංවිධානය පෙන්වා දෙනවා.
    ඉන් ලක්ෂ 9 කගේ පමණ ජීවිත අහිමි වන්නේ, දුම්වැටි භාවිත කරන්නන් අතර රැඳී සිටීම නිසයි. දුම්වැටි හේතුවෙන් දිනකට ශ්රී් ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් අකාලයේ මරණයට පත් වන අතර, වසරකට 20,000 ක් පමණ මරණයට පත් වන බව, මධ්ය සාර සහ මත්ද්රශව්යර තොරතුරු මධ්ය2ස්ථානය පවසනවා.
    දුම්කොළ සහ ඒ ආශ්රි ත කර්මාන්ත වැඩි වශයෙන් ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කරන බවයි, එම මධ්යනස්ථානය පෙන්වා දෙන්නේ.
    එම නිසා, මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේදී දුම්කොළ කර්මාන්තයේ මැදිහවීම්වලින් දරුවන් ආරක්ෂා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

    Latest News