ජර්මනියේ ජීවිත 04ක් බිලිගත් ගංවතුර

ජූනි 05, 2024
    දින ගණනාවක් පුරා අඛණ්ඩව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව දකුණු ජර්මනියේ ජීවිත 4ක් බිලි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    උද්ගත වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දකුණු ජර්මනියේ බවේරියා සහ බේඩන් නගරවැසියන් දහස් ගණනකට නිවාසවලින් ඉවත්වීමට සිදු වී ඇති අතර, ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි ජර්මනියේ චාන්සල්වරයා වන ඔලේෆ් ෂූල්ට්ස් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.

    විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ජර්මනියේ පොලිසිය සහ හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, දකුණු සහ නැඟෙනහිර ජර්මනියට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා තිබෙනවා.
     

    Latest News