බෙරිල් මෙක්සිකෝවට ඇතුළු වෙයි

ජූලි 07, 2024
    දින කිහිපයක සිට කැරිබියන් දුපත් හරහා හමා ගිය බෙරිල් සුළි කුණාටුව මේ වන විට මෙක්සිකෝ බොක්ක වෙත ඇතුළු වී තිබෙනවා.

    මේ වන විට නිවර්තන කලාපීය කුණාටුවක් බවට පත්ව ඇති බෙරිල් සුළි කුණාටුව එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය දෙසට ගමන් කරන විට ශක්තිමත් වනු ඇති බවයි එරට රජය පවසන්නේ.

    සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.
    එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව කලාපය පුරා හමා යන මෙම කුණාටුව 5 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද වාර්තා ‍වනවා.

    Latest News