ඊශ්‍රායල් පලස්තීන් යුද්ධයෙන් මාධ්‍ය වේදීන් 150 ට වඩා මිය යයි

ජූලි 07, 2024

    ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    පලස්තීන ආරක්ෂක අංශ පවසන්නේ, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ පාසල තුළ අවතැන් වුවන් දහස් ගණනක් නවාතැන් ගෙන සිටි බවයි. ප්‍රහා‍රයෙන් පාසල් ගොඩනැගිල්ලට මෙන්ම අවට ගොඩනැගිලි රැසකටද දැඩි අලාබ හානි සිදුව තිබෙනවා.

    ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය එල්ල කිරීමේදී කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති අතර, එලෙස අනතුරු ඇඟවීම් නිකුත් නොකර ප්‍රහාර සිදු කළ සිව්වැනි අවස්ථාව මෙය බවද පලස්තීන ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. එරට බලධාරින් පවසන්නේ, ඉකුත් ඔක්තෝබර් මස සිට ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට යුද මාධ්‍ය කරණයේ නිරත වූ මාධ්‍යවේදීන් 150කට අධික සංඛ්‍යාවක් ද මිය ගොස් ඇති බවයි.

    Latest News