“ඩානා” ඉන්දියාවට පහර දෙයිද?

ඔක් 24, 2024
    ඉන්දියාව දෙසට හමා යමින් පවතින “ඩානා” ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් එරට ලක්‍ෂ 10 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බව, වාර්තා වනවා.

    ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වනු ඇති බවයි, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    සුළි කුණාටුව හමා යනු ඇතැයි අපේක්ෂා කෙරෙන ඉන්දියාවේ නැගෙනහිර ‘ඔඩීෂා’ සහ ‘බටහිර බෙංගාල’ යන ප්‍රාන්තවල ජනතාව මෙලෙස ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
    සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා සහන සේවකයින් දහස් ගණනක් ද යොදවා තිබෙනවා.
    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද පස්වරුව වන විට ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
    එය පැයට කිලෝමීටර 100 ත් 120 ත් අතර වේගයකින් ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශය හරහා හමා යනු ඇතැයි, එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
    වෙරළබඩ ප්‍රදේශවල සියලුම පාසල් වසා දමා ඇති අතර, ජනතාව සඳහා ආහාර ජලය සහ සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත තාවකාලික සහන කඳවුරු මේ වන විටත් පිහිටුවා අවසන්.

    Latest News