ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමට මෙහෙයුමක්

ඔක් 25, 2024
    ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

    මෙම සාකච්ඡා දෝහාහිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අමෙරිකාව, ඊශ්‍රායලය සහ කටාර්හි නිලධාරීන් පවසන්නේ.

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊශ්‍රායල දූත පිරිසක් ඉරිදා කටාර් බලා යන බවයි.
    සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය එකඟ වී තිබේද යන්න තවමත් පැහැදිලි නැහැ.
    හමාස් සංවිධානයේ වඩාත්ම අන්තවාදී චරිතයක් ලෙස සැලකෙන නායක යාහ්යා සින්වාර් පසුගිය සතියේ මරණයට පත් වීම නිසා සාම ගිවිසුමකට මග පාදා ඇති බවයි අමෙරිකාව පවසන්නේ.
    ගාසා තීරයේ වත්මන් තත්ත්වය සහ උග්‍රවීම නැවැත්වීමට ඇති බාධක ජයගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමේ කොටසක් ලෙස ඊයේ සවස හමාස් නියෝජිත පිරිසක් ඊජිප්තු බුද්ධි අංශ නිලධාරීන් හමුවූ බව පලස්තීන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.
    අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු X හි සටහනක් තබමින් කියා සිටියේ ඊජිප්තුවේ "ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ඇති සූදානම" පිළිගන්නා බවයි.

    Latest News