2019 ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනී උළෙල ජූනි 10 ඇරඹේ

මැයි 24, 2019

    2019 වසරේ ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනි උළෙල ලබන ජුනි මස 10 වැනි දා සිට 24 වැනි දා දක්වා චීනයේ ශැංහයි නුවරදී පැවැත්වේ.

    මේ බව එම උළෙලේ සංවිධාන කමිටුව බෙයිජිංහිදී ප්‍රකාශ කළේය. ‍

    ලොව චිත්‍රපට 4000ක් පමණ ‍එම උළෙළේදී ප්‍රදර්ශනය කෙරේ.

    ඒ අතරින් දෙස් විදෙස් චිත්‍රපට 500ක් පමණ ලබන ජුනි මස 15 වැනි දා සිට 24 වැනි දා දක්වා ශැංහයි නගරයේ සිනමා ශාලා 47කදී තිරගතවීමට නියමිතයි.

    ඉන්දුනීසියාව, ඉරානය, තායිලන්තය, ඉන්දියාව සහ ජපානය යන ආසියා රටවල් 5 වෙනුවෙන් වෙන් වෙන්ව චිත්‍රපට සති සංවිධාන කිරීම 2019 වසරේ ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනි උළෙළේ විශේෂත්වයක්.

    එම උළෙල පැවැත්වෙන කාලයේ Golden goblet සිනමා සම්මානයේ සහ Magnolia රූපවාහිනි සම්මානයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරේ.

     

    Latest News