බ්‍රිතාන්‍ය මීලඟ අගමැති කව්ද ?

මැයි 26, 2019

    බ්‍රිතාන්‍ය අගමැතිධූරය සඳහා මීළඟට නම් කෙරෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්වී තිබේ.

    මීළඟ අග්‍රාමාත්‍යධූරය සඳහා මේ වනවිටත් නම් කරලියට පැමිණ ඇත. අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරනු පස්වැනියා බවට සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පත් වූ අතර මීට පෙර විදේශ ලේකම් ජෙරෝම් හන්ට්, අන්තර්ජාතික සංවර්ධන ලේකම් රෝරි ස්ටුවර්ට්, හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් සහ හිටපු වැඩ සහ විශ්‍රාම කටයුතු ලේකම් ඊස්ටර් මැක්වේ යන අය අග්‍රාමාත්‍ය ධූරය සදහා පත් කරනු ඇතැයි කතාබහට ලක් විය.

    ජූනි මස 07 වැනිදා තමා පක්ෂ නායක පදවියෙන් ඉවත් වන බව තෙරේසා මේ පසුගියදා නිවේදනය කර ඇත. ඒ සමඟම අගමැති පදවියෙන් ද ඉවත්වීමට ඇයට සිදුවේ. බ්‍රෙක්සිට් ක්‍රියාවලිය මුල් කරගනිමින් අගමැතිනිය සහ පාලක කන්සර්වේටිව් පක්ෂයේ සෙසු සාමාජිකයින් අතර දැඩි මතභේද තත්වයක් පවතී. කෙසේ වෙතත් එළඹෙන ජූලි මාසයේ අග වන විට නව නායකයෙක් තෝරා ගන්නා තෙක් තෙරේසා මේ එම ධුරයේ රැඳී සිටින බව වාර්තාවේ.

    Latest News