එවරස්ට් තරණයේ මරණ බියක්

මැයි 27, 2019

    එවරස්ට් කඳු නගින්නන්ගේ මරණ වැඩිවීමට හේතුව, සංඛ්‍යාව ඉහළ යාම පමණක් නොවන බව නේපාල රජය පවසයි.

    අයහපත් කාලගුණය සහ තවත් හේතු රැසක්ම ඊට බලපා ඇති බවයි නේපාල සංචාරක අධිකාරිය සඳහන් කරන්නේ. එවරස්ට් කඳු නගින්නන්ගේ මරණ සංඛ්‍යාව මේ වසරේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණ. මේ වසරේ මුල් මාස පහේ පමණක් මරණ 10ක් වාර්තා විය.

    එය පසුගිය වසරේ මිලියන සංඛ්‍යාව වඩා වැඩි අගයක් ගෙන තිබේ. එවරස්ට් ගිරිශිඛරය ආසන්නයේ දැඩි තදබදයක් පවතින බවට ඡායාරූප රැසක් අන්තර්ජාලය පුරා පසුගියදා පැතිර තිබේ. ඉන්දියානු කඳු නගින්නෙකු පැය 12ක කාලයක් තදබදයට හසුව සිටීමෙන් අනතුරුව මියගිය බවට ද වාර්තා පළ වී තිබිණ. නේපාලය, වසන්ත සමයේ දී පුද්ගලයින් 381 දෙනෙකුට එවරස්ට් කඳු තරණයට බලපත්‍ර ලබා දී තිබිණ. කෙසේ වෙතත්, නේපාල රජය පවසන්නේ මෙවර වසන්ත සමයේ කඳු නැගීමට යහපත් කාලගුණයක් පැවතියේ ඉතා කෙටිකාලයක් වීම හේතුවෙන් මෙම තදබදය හට ගත් බවයි.

    Last modified on සදුදා, 27 මැයි 2019 12:31

    Latest News