44කට තුවාල කළ බාසිලෝනා දුම්රිය

නොවැ 21, 2018

    ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දුම්රියේ පීලි පැනීමෙන් පුද්ගලයෙකු මියගොස්, තවත් 44 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

    ප්‍රදේශයේ පවතින අධික වර්ෂා පතනය හේතුවෙන් සිදුවූ නාය යෑමකින් පස් කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම අනතුරට හේතුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    අදාළ දුම්රියේ මැදිරි 2ක් මෙලෙස පීලි පැන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 150 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    පසුගිය දින කිහිපය පුරාම ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේ අධික වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවුණා.

    කෙසේ වෙතත් සිරවී සිටි මගීන් පිටතට ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 11:34

    Latest News