නියෝජිතයන් පුදුම කරමින් ජී.7 සමුළුවට අමුත්තෙක්

අගෝ 26, 2019

    ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් ප්‍රංශයේ පැවති ජී.7 සමුළුවට අනපේක්ෂිත ලෙස සහභාගී වී තිබේ.

    විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම අමෙරිකානු නියෝජිතයන් මවිතයට පත්කරන සිදුවීමක් වූ බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සමුළුව ආරම්භවීමට පෙර විදේශ අමාත්‍යවරයා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හමුවී තිබේ. අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් රැස්වූ බයරිට්ස් නගරයේ පැවති සාකච්ජාවලට ද ඉරාන විදේශ අමාත්‍යවරයා සහභාගී වූ බව විදෙස් මාධ්‍යවල සඳහන්. ප්‍රංශ ජනාධිපති හා නියෝජිතයන් අතර පැවති සාකච්ජා ඵලදායී බව, විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    අමෙරිකාව, ඉරානය හා පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත්, ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමත් හේතු කරගෙන දෙරටේ මහභේදාත්මක තත්වයන් උද්ගත විය. එවැනි වාතාවරණයක දී ඉරාන විදේශ අමාත්‍යවරයා ජී.7 සමුළුවට අනපේක්ෂිතව සහභාගීවීම විශේෂත්වයක්.

     

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 09:26

    Latest News