ඉරානයේ විරෝධතාකරුවන්ට රජයෙන් අනතුරු ඇඟවීමක්

නොවැ 17, 2019

    ඉරානයේ විරෝධතාකරුවන් සම්බන්ධයෙන් එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    රජය පවසන්නේ විරෝධතා අවසන් නොකළහොත් හමුදා මැදිහත්වීමක් සිදු කරන බවයි. ඉරානයේ ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්වයක් හට ගැණින. පසුගිය සිකුරාදා වනවිට ඉන්ධන මිල 50%කින් පමණ ඉහළ ගොස් තිබිණ. බලධාරීන් පවසන්නේ, දුප්පත් ජනතාවට සේවය කිරීමට ප්‍රමාණවත් මුදල් අවශ්‍ය බැවින් ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමූ බවයි. ඉරානය මේ වන විට දැඩි ආර්ථික සම්බාධකවලට මුහුණ දී සිටින අතර, ඉන්ධන මිල ඉහළ දැමීමට එය ද එක් හේතුවක්. විරෝධතාකරුවන් වෙත පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. ඉරානයේ නව නීතියට අනුව සෑම වාහනයකටම මසකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පෙට්‍රල් ලීටර 60කට සීමා කෙරේ. ඉන්ධන ලීටරයක මිල අමෙරිකානු ඩොලර් සත 13ක්. වැඩිවන සෑම ලීටරයක් සඳහාම දෙගුණයක් වැඩියෙන් ගෙවීමට ඔවුන්ට සිදුවේ.

     

     

    Latest News