ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන 2කට ප්‍රහාරයක්

නොවැ 29, 2019

    කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන 2 කට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මියගොස් ඇත.

    තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

    කොංගෝවේ නැගෙනහිර ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකට මෙලෙස සටන්කාමීන් ප්‍රහාර එල්ල කර ඇත.

    මායි මායි ලෙස හඳුන්වන සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව බලධාරීන් කියා සිටියේය.

    මියගිය පිරිසට එන්නත් කණ්ඩායමක සාමාජිකයෙකු, රියදුරන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියෙකු අයත්.

    විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහාර වලින් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    ඒ අතර ලෝක සෞඛ්‍යය සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ද වන බව සඳහන්.

    දරුණු ලෙස ඉබෝලා රෝගය පැතිරී ඇති කොංගෝවේ සිදුවන මෙවැනි ප්‍රහාර හේතුවෙන් රෝගය පාලනය කිරීමට ගන්නා උත්සාහයට දැඩි බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

    Latest News