ඔහු එම සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මුල්ලා අබ්දුල් මනාන් යනුවෙන් මෙම පුද්ගලයා හැඳින්වේ. ඔහු තාලේබාන් සංවිධානයේ දකුණුදිග හෙල්මාන්ඩ් ප්‍රදේශයේ පාලකයා බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියි.
ඔහු මියගොස් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නෞෂාඩ් දිස්ත්‍රික්කයේ සිටිය දී බව විදෙස් මාධය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු ඝාතනයවීම තලේබාන් සංවිධානයට විශාල පාඩුවක් බව ඇෆ්ගන් හමුදා පවසයි. එසේම එය තමා ලද විශාල ජයග්‍රහණයක් බවත්, ඇෆ්ගනිස්තාන රජය කියා සිටියි.