එමගින් යුරෝපා සංගමයෙන් බැහැර වූ වේගවත් මාවතකට බ්‍රිතාන්‍ය යොමු කරනු ඇති බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ මෙම මැතිවරණ ජයග්‍රහණය හුදෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන භූ දර්ශනය යළි වෙනස් කරමින් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ වේගවත් මාවතකට යොමු කරවීමෙහිලා ජයග්‍රහණයෙක් ලෙසයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ අනූව, ලබන ජනවාරි මස 31 වැනි දින බ්‍රෙක්සිට් ගිවිසුම නියත වශයෙන්ම ක්‍රියාත්මක වන බව ද වැඩිදුරටත් සඳහන්.
මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ද එය සනාථ කරමින් ප්‍රකාශ කොට ඇත්තේ, ලබන ජනවාරි මස 31 වැනි දින බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යන බවයි. කෙසේ වෙතත්, ඊයේ නිකුත් කරන ලද බ්‍රිතාන්‍ය මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව විරෝධය පළ කරමින් මේ වන විට මධ්‍යම ලන්ඩනය තුළ විරෝධතාකරුවන් සිය ගණනින් උද්ඝෝෂණවල නිරත වන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හට දැඩි විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් මහාමාර්ග අවහිර කරමින් පෙළපාලියවල නිරත වනු දැක ගත හැකියි.