නව සංක්‍රමණික නීති කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණ

දෙසැ 16, 2019

    ඉන්දියාවේ නව සංක්‍රමණික නීති කෙටුම්පතට එරෙහිව තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වේ.

    ඊයේ දින දිල්ලි නගරයේ බොහෝ ස්ථානවල සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල මෙම විරෝධතා සංවිධාන කෙරිණ. විරෝධතා තවදුරටත් උග්‍රවීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අගතියට පත් ජනතාව ගැන සැලකිලිමත් වෙමින් මෙම නව සංක්‍රමණික නීති කෙටුම්පත ඉදිරිපත් කළ බවයි. රටවල් තුනක සංක්‍රමණිකයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබාදීමට මෙම පනතින් පියවර ගැණින. ඒ අනුව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පකිස්තානය යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින් සඳහා ඉන්දීය පුරවැසිභාවය ලබාදීමටයි, ඉන්දීය රජය අදහස් කර ඇත්තේ. මෙමඟින් මුස්ලිම් ජාතිකයින්ට අසාධාරණයක් සිදුවන බව විරෝධතාකරුවන් පවසති.

    පසුගිය දින 05 තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ පිරිස 50කට අධිකයි. විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය කදුළු ගෑස් සහ පොලු ප්‍රහාර එල්ල කළ අතර, විරෝධතාකරුවන් බස් රථ සහ වාහන ගිනි තබමින් සිය උද්ඝෝෂණ පැවැත්වූහ.

    Latest News