Huwaei නිර්මාතෘගේ දියණියට මාංචු වැටෙයි

දෙසැ 06, 2018

    චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගේ දියණිය කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අමෙරිකානු නීතීඥයින්ගේ ඉල්ලීමකට අනූව ඇයව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙන්ග් වංහාවු ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, ඇය එහි උපසභාපතිවරිය ලෙස ද සැලකේ. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇය විරුද්ධත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අත්අඩංගුවට ගැනීම පසුගිය පළමුවැනි දින සිදුකර තිබේ.

    ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හුවාවි ආයතනයට එරෙහි අමෙරිකා එක්සත් ජනපදය විමර්ශන ආරම්භ කර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 11:59

    Latest News