ඊයේ දිනයේ ආසියා පැසිපික් කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසක් උග්‍ර පසුබෑමක් පෙන්නුම් කර තිබේ. බටහිර රටවල් රැසක ද කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ පසුබෑමක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
එසේම, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත බැසීම රටවල් රැසක ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපා ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එම තත්වයෙන් මිදීම සඳහා රටවල මහ බැංකු හා රජයන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ආයෝජකයින් අවධානයෙන් පසුවන බව ද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.