සෞදි අරාබියේ සහ රුසියාවේ කඹ ඇඳීම හේතුවෙන් පසුගිය දිනවල ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගියේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කර සිටියේ, තෙල් මිල සම්බන්ධයෙන් රුසියාව සහ සෞදි අරාබිය එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
මෙම ප්‍රකාශයත් සමග එක් දිනක් තුළ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 10%කින් පමණ ඉහළ ගියේය. රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා කියා සිටියේ, බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10කින් පමණ අඩු කළ යුතු බවයි.