බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකියි.
මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උතුරු-මැද පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
මධ්
යම කඳුකරයේ බටහිර බෑවුම් ප්
රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්
රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්
රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතියි.
අද දින දහවල් 12:08 ට හික්කඩුව, දෙයියන්දර සහ වලස්මුල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.