අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ බී ලූනු වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 1,700ක්. ගැටලාව,කොකාවැව,කිවුලේකඩ හා මිහින්තලය යන ගම්මානවලින් සාර්ථක අස්වැන්නක් වාර්තා වී තිබේ. බී ලූනු මිල රුපියල් 85ක් දක්වා පහළ බැස තිබියදී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය බී ලූනු ගොවියා ආරක්ෂා කිරීමට අවධානය යොමු විය.
එහි ප්‍රතිපලයක් ලෙසයි, රජය ආනයනික බී ලූනු සඳහා බදු ඉහළ දැමුවේ. ඉන් ආනයනික බී ලූනු තොග ගෙන්වීම අවම වීම හේතුවෙන් දේශීය බී ලූනු වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් ලැබී තිබේ. රජය ගත් පියවර පිළිබඳ ගොවීන් සිය ප්‍රසාදය පළ කරයි.