ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනූව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසළ බැහැර කිරීමට අමතරව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බවට ප්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමත්ව තිබේ.

රු.කෝටි 2ක අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පියදාස දිසානායක ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අල්ලස් කොමිසමට කල්ලබා දුන්නේය.

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක සිර දඬුවමක් නියම කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

අතුරුදන්ව සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13) මධ්‍ය රාත්‍රියේ එම රෝහලෙන් පිටව ගොස් තිබේ.

විදේශවල සිට ආනයනය කළ කැලිකසල පරික්ෂා කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අධිකරණ අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

Latest News