එය සංවිධාන කරන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ නුවරඑළිය මහනගර සභාව එක්වයි. වාර්ෂිකව පැවැත්වෙන “සැළලිහිණි වසන්තය“ අප්‍රේල් මස පළමුවැනිදා ඇරඹේ.
වසන්ත සමය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන් සඳහා විශේෂ වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වේ. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ අනුග්‍රාහක භවතුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.