මධ්‍යම මෙක්සිකෝවේ ඛේදවාචකය

ඔක් 15, 2024
    මධ්‍යම මෙක්සිකෝවේ ජලිස්කෝ නගරයේ, මාර්ගයක තිබී ගෙල කපා දැමූ පුද්ගල මලසිරුරු 5 ක් සොයා ගෙන තිබෙනවා.

    ඒ, එරට පොලිසිය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බවයි, විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

    මෙම මලසිරුරු පොලිතින් මලුවල බහා මාර්ගයේ දමා ගොස් තිබෙනවා. ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ ද සහය ලබා ගෙන ඇති බවයි, බලධාරීන් ප්‍රකාශ කරන්නේ.
    මිය ගිය කිසිවෙකුගේ වයස මෙතෙක් නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වී නැහැ.
    ඉකුත් ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා ජලිස්කෝ නගරයේ නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, පුද්ගල ඝාතන 1,415 ක් වාර්තා වූ බවයි.
    ලොව මනුෂ්‍ය ඝාතන බහුලවම වාර්තා වන මෙක්සිකෝවේ සෑම වසරකම 30,000 කපමණ පිරිසක් ඝාතනය කෙරෙනවා.

    Latest News