මීළඟ ඡන්දවලදි ඇඟිලි පාට වෙන්නෙ මෙහෙමයි

ඔක් 24, 2024

    ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල උචිත ලකුණින් සලකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ 38 (3) (ආ) වගන්තියෙන් ඡන්ද දායකයා උචිත ලකුණින් සලකුණු කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා ලබන මස 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතේ දඹර ඇඟිල්ල උචිත ලකුණුන් සලකුණු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    ඡන්ද දායකයාගේ වම් අතේ දඹර ඇගිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතේ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කරන බව කොමිෂන් සභාව දැනුම් දෙනවා.

    Latest News