මල්වලට දැඩි උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් නන්දෙසින් මේ සඳහා සහභාගී වී තිබේ. විචිත්‍රවත් මල් පෙළපාලියක් ලෙස මෙය පැවැත්වෙන අතර, මෙහි ආරම්භය වර්ෂ 1957 තරම් ඈත අතීතයට දිවයන්නක් බවයි, වාර්තා වන්නේ.
වසර 60කට වැඩි කාලයක් පැවැත්වෙන මෙම මල් පෙළපාලිය, කොළොම්බියානු සංස්කෘතියට වඩා වැඩි අගයක් එක්කරන්නක්. මෙඩෙලින් කොළොම්බියාවේ සදාකාලික වසන්තයේ නගරය ලෙස හැඳින්වෙයි. පරම්පරාගතව මල් නිර්මාණකරණයේදී සිටින බොහෝ පිරිසක් වාර්ෂික මෙම සුවිසල් සැනකෙළි සඳහා සහභාගී වීම විශේෂත්වයක්.