ඩුබායි කුළුනේ දැල්වෙන ජැසින්ඩාගේ රුව

මාර් 23, 2019

    පසුගියදා නවසීලන්තයේ, ක්‍රයිස්චර්ච්හි දී සිදුවූ අවාසනාවන්ත වෙඩිතැබීමේ සිද්ධිය ඔබට මතක ඇති.

    එම සිදුවීම නිසා ඇතිවූ කම්පනය ආගම් භේදයකින් තොරව මුලු මහත් නවසීලන්තය පුරාවටම පැතිරී ගියේ ඒ වෙනුවෙන් ඇරුණු කඳුළු ගංගා ගණනාවක් බිහිකරමින්.

    එම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත්ව තිබුනේ එරට අග්‍රමාත්‍ය ජැසින්ඩා ආර්ඩරම් මැතිනියයි. ඇතිවූ දුක බෙදාගනිනට ඇය සිදුවීමෙන් මියගිය අයගේ පවුල් වෙත ගියේ මුස්ලිම් කාන්තාවන් ඇඟලන හිජාබයකින්ද සැරසීගෙනයි. එමෙන්ම නවසීලන්තය තුළ ⁣මිනිත්තු කිහිපයක නිහඬ කාලයක්ද ප්‍රකාශයට පත් කරමින් මියගිය අය වෙනුවෙන් ගෞරවයක්ද ලබාදුන්නා. එමගින් ඇය ලොවට වටිනා පණිවුඩයක් ලබා දී තිබුණා.

    එම සිදුවීම නිසා මහත් සතුටට පත්වූ ඩුබායි රාජ්‍යයේ උපපාලක(අග්‍රාමාත්‍ය) මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තොම් විසින් නවසීන්ත අග්‍රාමාත්‍ය ⁣ජැසින්ඩා මැතිණියට අපූරු ආකාරයකට තම ස්තූතිය හා ගෞරවය පිරිනමා තිබුණා. ඒ ⁣කවුරුත් දන්නා ඩුබායිහි ලෝපතළ සුපිරි ගොඩනැගිල්ල වන හා ලොව උසම ගොඩනැගිල්ල වන "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ල පුරා ඇයගේ ඡායාරුව දර්ශනය කරමින්.

    "ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් නවසීලන්තයේ විනාඩි කිහිපයක නිෂ්ශබ්දතා කාලයක ගෞරවයක් ලබාදෙමින් මියගිය මුස්ලිම් ජනතාව වෙත ලබාදුන් මේ ගෞරවයට, ලොව පුරා වෙසෙන බිලියන 1.5ක් වූ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙසේ අප ඔබට ආචාර පිරිනමමු" යැයි ප්‍රකාශ කරමින් මොහොමඩ් රශීඩ් මැතිතුමා ට්වීටර් පණිවුඩයක් පළකොට තිබුණා.

    පහතින් ඔබට පෙනෙන්නේ 'බර්ජ් කලීෆා' ගොඩනැගිල්ල පුරා දල්වා ඇති ජැසින්ඩා මැතිණියගේ ඡායාරුවයි.

    පිටපත - හසිත හේරත්

    Mohammed
     
    download
     
    images 2
     
    images 1
    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 18:43

    Latest News