ලොව වඩාත්ම සීතල ගම්මානය (ඡායාරූප)

නොවැ 04, 2018

    ලොව වඩාත් ම සීතල ස්ථීර ජනාවාසය වන්නේ සයිබීරියාවේ Oymyakon ගම්මානයයි. ශීත ඍතුවේදී මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් ඍණ 62 ක් එනම් ෆැරන්හයිට් ඍණ 80 ක් තරම් අධික ශීතලකින් යුක්ත වන බවයි සඳහන් වන්නේ.

    ලොව මිනිස් ජනාවාසයකට වාර්තා වූ අවම උෂ්ණත්වය ද මෙම ගම්මානයෙන් වාර්තා වී ඇති අතර ගිනස් වාර්තා වලට අනුව 1933 දී වාර්තා වූ එම අගය සෙල්සියස් අංශක ඍණ 68 ක්. එය දෙවැනි වන්නේ ඇන්ටාක්ටිකාවට පමණයි.

    මෙවර ශීත ඍතුවේදී එම නගර මධ්‍යයේ සවිකර ඇති විද්‍යුත් උෂ්ණත්වමානය එහි අවම සීමාව වන සෙල්සියස් ඍණ 62 අගයට පැමිණිම නිසා ක්‍රියා විරහිත වූ බවත් වාර්තා වේ. අධික ශීතල කාලගුණය නිසා පාසල් වසා දමුණු අතර -53C වඩා අඩු උෂ්ණත්වයකදී පාසල් වසා දැමිය යුතුය යන නියෝගයක්ද නිකුත් කෙරිණ. පසුගිය නොවැම්බර් මාසයේ -50C තරම් අඩු උෂ්ණත්වයකදී පවා දරුවන්ට පාසල් යාමට සිදුවී තිබේ.

    cool villege

    cool villege.jpg 21

    මෙම ගම්මානයේ ජීවත්වන ජනතාව පවසන්නේ ඔවුන්ට ⁣මෙය එතරම් අපහසු නොවන බවයි. ඇතැම් මාධ්‍යවේදීන් පැමිණ මෙහි ජීවත්වන්නේ කෙසේ දැයි විමසා සිටින විට ඔවුන් කියා සිටින්නේ එන්න පැමිණ අත්විඳ බලන්න යනුවෙනි.

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 17:32

    Latest News