සත්ව ගහණයෙන් 60% විනාශකළේ මිනිසාද?

නොවැ 05, 2018

    1970 සිට මේ දක්වා ලොව සත්ත්ව ගහණයෙන් 50%ක් මිනිසා විසින් ඝාතනය කර ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.

    මෙය සෘජුව හෝ චක්‍රාකාරයෙන් සිදු කර ඇති බවයි, ලෝව වන සත්ත්ව අරමුදල පවසන්නේ. විද්‍යාඥයින් 59 දෙනෙක් විසින් කරන ලද පරීක්ෂණයකින් පසුව මෙම වාර්තාව එළිදක්වා තිබේ. වසර 40කට මදක් වැඩි කාලයක දී ලොව සත්ත්ව ගහණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මියයාම යනු ඉතා භයානක තත්වයක් බවයි, එම විද්‍යාඥයින් පවසන්නේ.

    එම ප්‍රමාණය මිනිසුන්ට සාපේක්ෂ කරනු ලැබුවහොත්, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, අප්‍රිකාව, යුරෝපය, චීනය සහ ඕෂනියා කලාපයේ සියලු මිනිසුන් මරා දැමුවා හා සමාන වන බවයි, එම විද්‍යාඥයින් පවසන්නේ.

    මධ්‍යම අමෙරිකානු කලාපයේ පමණක් පෘෂ්ඨවංශකයින් ගහණය 89%කින් අඩුවී ඇති බවයි. මිනිසා විසින් ඉවක් බවක් නොමැතිව සිදු කරන වන විනාශය ආහාර සඳහා සතුන් මැරීම මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    සත්ත්ව විශේෂ 300ක් මිනිසා විසින් ආහාරයට ගැනීම හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි, එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    මෙම තත්වය පාලනය කර නොගතහොත් අනාගතයේ දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.

    Latest News