අමිතාබ්ගෙන් දිළිඳු ගොවීන්ට තෑග්ගක්

නොවැ 21, 2018

    සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය පෞද්ගලික මුදලින්, ඉන්දීය දිළිඳු ගොවීන් 1398 දෙනෙකුගේ ගොවි ණය ගෙවා දැමීමට පියවර ගත්තා.

    එම මුදල රුපියල් මිලියන 40ක්. මේ හේතුවෙන් ඔහුට ඉන්දීය ජනතාවගේ ප්‍රණාමය හිමිවන බවයි, වාර්තා වන්නේ. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දිළිඳු ගොවීන් පිරිසකගේ ණය ගෙවා දැමීමට අමිතාබ් ඉදිරිපත් වුණා. එය ජනතාවට තම යුතුකම ඉටු කිරීමක් ලෙසයි, ඔහු සඳහන් කරන්නේ.

    සමාජ මෙහෙවර වෙනුවෙන් අමිතාබ් බච්චන්ට සම්මාන හා බුහුමන් පිරිනමා තිබෙනවා. මුම්බායි වෙත පැමිණිමට නොහැකි ගොවීන් පිරිසක් විශේෂ දුම්රියක් යොදවා එහි ගෙන්වාගෙන ඔවුන්ගේ ණය ලිපිගොනු ලබාගැනීමට අබිතාබ් පියවර ගත්තා.

    ගොවි ණය ඉන්දියාවේ බරපතල සමාජ ප්‍රශ්නයක්. 1995 වසරේ සිට වර්තමානය දක්වා ගොවීන් තුන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ණය ගෙවා ගත නොහැකිව සියදිවි හානිකර ගෙන තිබෙනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 19:44

    Latest News