කටුඅනෝදා වවන්න මහින්දගෙන් සැලසුම්

නොවැ 19, 2018

    කටුඅනෝදා වගා කලාපයන් පිහිටුවිමට සැලසුම් කර තිබේ.

    කටුඅනෝද කාලයක් ශ්‍රී ලංකාවේ පිහිවෙන්නේ ප්‍රථම වරටයි. කටුඅනෝදා, (AnnonaMuricata - Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන පලතුරකි.

    විදේශ වෙළෙඳපළේ මෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තයේ දී ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිලක් කටුඅනෝදා සම්බන්ධයෙන් පවතී. ඹෟෂධීය ගුණයෙන් අනූන පලතුරක් වන කටුඅනෝදා වගාවෙන් ඉහළ ආදායමක් ගොවීන්ට උපයාගත හැකිවේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කටුඅනෝදා වගා කලාපයක් අපේ රටේ ප්‍රථම වරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. කටුඅනෝදා ප්‍රථම වගා කලාපය ලබන බදාදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ. ඒ අනුව මේ වසර තුළ කටුඅනෝදා පැළ ලක්ෂ දෙකක් ගොවීන් අතර බෙදා දීමට අපේක්ෂිතයි.

    අපේ රටේ වැවෙන අනෝදා වර්ග තුනක් ඇත. කටුඅනෝදා, වැලි අනෝදා සහ සීනි අනෝදා යනු එම වර්ග තුනයි.

    anoda px 900 18 11 19sweet anoda px 900 18 11 19

    මේ අතරින් කටුඅනෝදා සුවිශේෂී වන්නේ මිනිස් සිරුරේ හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට ඇති හැකියාවයි. පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගන්නා “ කීමෝ තෙරපි ”ක්‍රමය මඟින් පිළිකා සෛල මෙන්ම එම සෛල අවට ඇති නීරෝගී සෛල ද විනාශ වේ. කටුඅනෝදාවල තිබෙන පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාවය කීමෝවලට වඩා දහස් ගුණයකින් වැඩි බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත.

    අනෙක් කරුණ නම් කටුඅනෝදාවල විටමින් C, විටමින් B6, තන්තු, හෘදයාබාධවලට හේතුවන අහිතකර LDLකොලෙස්ටරෝල් මට්ටම අඩු කර HDL ප්‍රමාණය ඉහළ නැංවීමට ද, හෘදස්පන්දනය සහ රුධිර පීඩනය සමතුලිතව පවත්වා ගැනීමටද, කටුඅනෝදාවලට හැකියාව ඇත.

    කටුඅනෝදා වගාව ආර්ථික බෝගයක් වශයෙන් වගා කීරීම මෙන්ම එහි ඇති යහගුණය මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ද පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 12:39

    Latest News