අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය සළකුණු කරන ඡන්දදායකයන්ට අවශ්‍ය නම් ඒ සඳහා තමන්ගේම පෑනක් භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මහමැතිවරණයට අදාළ පැමිණිලි 6015ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයේ අවතැන්වූ ඡන්දදායකයින් 6,275ක් සදහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන 12ක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩල සඳහායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වූ තවත් ජනරැළි කිහිපයක් ඊයේ පැවැත්විණ.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Latest News