අඳුර පරදා සරසවියට (වීඩියෝ)

දෙසැ 30, 2019
  • දෑස් නොපෙනෙන ශිෂ්‍යාවක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමේ පුවතක් පොලොන්නරුවෙන් වාර්තාවේ.

    උපතින්ම අන්ධභාවය ඇති මේ ශිෂ්‍යාව බ්‍රෙල් ක්‍රමය යටතේ මෙවර පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත. ඒ අනුව එහි ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇයට විශ්ව විද්‍යාල පිවිසීමට හැකි මට්ටමින් විභාගය සමත්ව ඇති බව වාර්තාවේ.

    මේ දස්කම කිරීමට සමත්ව ඇති සුබෝදා ශ්‍රීමාලි සිරිවර්ධන, පොලොන්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවකි. ඇය පුරා වසර 9ක් තම මව සමඟ දිනපතා පාසල් ගොස් අධ්‍යාපන කටයුතුවල නිරතව තිබේ. පොලොන්නරුව, නිර්දේශගම පදිංචි ශ්‍රීමාලි උපතින්ම අන්ධභාවයෙන් පසුවීම හේතුවෙන් පහ වසරේ සිට බ්‍රෙල් ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපනය ලබා ඇත. පහ වසර ශිෂ්‍යත්වය මෙන්ම අ.පො.ස සා/පෙළ ද ඉතා ඉහළින් සමත්ව ඇති ඇය කලා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරා තිබේ. උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව සිංහල විෂය සඳහා A සමාර්ථයක් ද, බෞද්ධ ශිෂ්ඨාචාරය සඳහා B සමාර්ථයක් සහ ඉතිහාසය සඳහා B සමාර්ථයක් ද ලබා ඇත.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් කිසිදු ආබාධයක් නොමැති දරුවන් එක්ලක්ෂ දහදාස් හයසිය හැට දෙනෙකු අසමත්ව සිටියදී ඇය විශ්ව විද්‍යාල වරම් ලබාගනිමින් උසස් පෙළ සමත් වීම විශේෂ අවස්ථාවකි. පාසලේ ගුරු භවතුන්ගේ සුවිශේෂ අවධානය සහ තම මවගේ සුවිශේෂ කැපකිරීම මෙම ප්‍රතිපලය පිටුපස ඇති රහසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සුබෝදා ශ්‍රීමාලි සිරිවර්ධන සිසුවිය...

    “5 වසරේ ඉඳලා මාගේ අම්මා මා සමග පාසල් ආවා. සැමදාම උදේ පාසල් එන අම්මා මා සමග පාසල ඇරෙන තුරුම ඉදලා, මාත් එක්ක තමයි ගෙදර යන්නේ. මේ විදියට අවුරුදු 9ක් විතර අම්මයි මායි දෙන්නම පාසල් ආවා. අම්මා පාසල් ඇවිත් පංතියෙදි ගරු භවතුන් කියලා දෙන ඒවා ඒ වෙලාවෙම නිතර නිතර කියලා දෙනවා. ගෙදර ඇවිල්ලත් අම්මා පොත බලාන කියවනවා. මං එ්වා රොකොඩ් කරගෙන නැවැත නැවැත අහනවා. ඒ කරලා බ්‍රෙල් ක්‍රමයට පොත්වල ලියනවා. මං හරිම කම්මැලියි අම්මා තමයි ඒ කම්මැලිකම නැති කරලා උනන්දු කරවලා ගත්තේ. දැන් මං පොත් ලියනවා. ඊට අමතරව පද්‍ය තරගවලින් ලංකාවෙන් පලමු තැන ලබාගෙන තියෙනවා. මට ඇස් පෙන්නේ නැති වුනාට ඇස් පෙන අයට වඩා හොඳට මට අනාගතය පෙනවා. එකෙන් මම ප්‍රයෝජනය අරගෙන හොඳට පාඩම් කළා. අම්මාටයි තාත්තාටයි උවමනාව තිබුනේ මාව විශ්වවිද්‍යලයට යවන්න. මම එක තෙරුම් අරන් හොඳට පාඩම් කරලා විභාගය පාස් වුනා. අම්මාගෙයි තාත්තාගෙයි වාගේ මාගේ හිනයත් සැබෑ වුනා. මට කියන්න තියෙන්නේ දැන් ලොකයේ වාගේ ලංකාවේත් තාක්ෂණය ඉහළ තැනක තියෙනවා. ඒවා හරියට තෝරලා බේරලා ගත්තොත් තනිකරම දැනුම තමයි ඒවායේ තියෙන්නේ. නරක දේ අතහැරලා හොඳ දේ විතරක් ගත්තාම අධ්‍යාපනයේ ඉහලටම යන්න පුළුවන්.

    මාගේ මේ ජයාග්‍රාහණය පිටු පස සිටින යෝධයෝ දෙන්නා තමයි අම්මයි තාත්තයි. ඒවාගේ මාගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු පංතිභාර විෂයභාර සහ විද්‍යලයේ මුළු ගුරු මණ්ඩලයමත් මාව දිරිමත් කරපු මාගේ යාලුවෝ, නැදෑයෝ, අසල්වාසියෝ ඇතුඵ සියලු දෙනාටම මාගේ හද පිරි ස්තුතිය පිරි නමා සිටිනවා. ඒ වාගේ රටේ ඉන්න සියලුම නංගිලා මල්ලිලාගෙන් මා ඉල්ලා සිටිනවා මාව ආදර්ශයට ගෙන තමන්ගේ ශරිරයේ කුමන ආබාධයක් තිබුණත් ඒ බාධාවල් කර ගන්නේ නැතුව තමන්ගේ අරමුණ කරා යන්න කියලා. ගංගාවක් ගලා බසිනකොට විවිධ බාධක පැමිණෙනවා. කවදාවත් ගංගාව ආපසු හැරි යන්නේ නැ. එන බාධකය මග හැරලා ඉදිරියට ම යනවා අන්න ඒ වාගේ අධ්‍යාපනය ජය ගන්න නංගි මල්ලි තමන් ගඟක් වාගේ නොසැළි ඉදිරියට යන්න කියලා තමයි මා ඉල්ලා සිටින්නේ.” යැයි ඇය සඳහන් කරයි.

    ශ්‍රීමාලි සිරිවර්ධනගේ මව වන ඩි. ජි. රංජනි මහත්මිය...

    “දරුවා ඉපදුන දවසේ ඉදලා ඇහැක් වාගේ තමයි බලා ගත්තේ. අපට විවිධ කරදර ආවා. අපට ස්ථිර රැකියාවක් නැ. ඉන්න ගෙයක් තිබුනේ නැ. බොහෝම අමාරුවෙන් තමයි මේ ගේත් හදා ගත්තේ. මහත්තයා රියදුරෙක් විදියට තමයි වැඩ කරන්නේ. එකත් හැමදාම නෑ. කොහොමහරි දරුවා පාසල් යවන්න පුළුවන් වුනා. පහ වසරේ දී පහේ ශිෂ්‍යත්වය හොඳට පාස් වුනා. පස්සේ සමාන්‍ය පෙළත් හොඳට පාස් වුනා. දුව බ්‍රෙල් ක්‍රමයට ඉගෙන ගන්න කලින් මම ඉගෙන ගත්තා. ඒ කරලා මම දුවට ඉගැන්නුවා. මාත් දුව එක්ක වසර 9ක් පාසල් ගියා. මාගේ තිබුණ එකම බලාපොරොත්තුව දුවව කොහොම හරි විශ්ව විද්‍යලයට යවන්න. මට හැකි දේ මම කළා. දුවගේ දේ දුව කළා. එකේ ප්‍රතිඵලය දුව විශ්ව විද්‍යලයට යන්න පුළුවන් වුනා. මේ ප්‍රතිපලයට මුළින්ම ස්තූතිය පුද කරන්න ඕනි පොලොන්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යලයේ විදුහල්පති තුමාට. ඒ වාගේ පංතිභාර විෂයභාර ගරු භවතුන් ඇතුළු විද්‍යලයේ සියලුම ගරුභවතුන් සහ විද්‍යලයේ සිසුන්ටත් මම විශේෂ ස්තුතිය පිරි නමා සිටිනවා යැයි” හද පිරි සතුටින් පවසා සිටියි.

    පොලොන්නරුව රාජකිය මාධ්‍ය මහා විද්‍යලයේ විදුහල්පති රවි ලාල් විජේසිංහ මහතා...

    “සුබෝදා ශ්‍රීමාලි සිරිවර්ධන සිසුවියගේ තත්වය තේරුම් ගෙන මම ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කළා. පාසලේ ඒ දරුවා වෙනුවෙන් කැපකිරිම් කළ මවට දරුවා ලඟින් ඉඳන් කටයුතු කරන්න ඉඩ සකසා දුන්නා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව. ඒ වාගේ හරිම දක්ෂ දරුවෙක්. ඇස් පෙන්නේ නැති වුනත් ඒ බවක් අපට දැනුනේ නැ. මොකද අනික් දරුවෝ වාගේ මේ දරුවත් විවිධ තරග සඳහා විද්‍යලය නියෝජනය කරමින් තරග කර ජයග්‍රාහණ ලබාගෙන එනවා. ඒ වාගේ පද්‍ය තරග සහ කථික තරගවලින් ලංකාවෙන්ම පලමු ස්ථාන ලබාගෙන තියෙනවා. එකත් විද්‍යලයට කීර්තියක්. මවගේ විශේෂ කැප කිරිම මත මේ දරුවා රටේ ඉහළම අධ්‍යාපන ආයතනයේ අධ්‍යපනය ලබන්න තරම් වසනාවන්ත වීම පිළිබද ඇත්තටම අප විද්‍යලය වෙනුවෙන් හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා. ඒ අතර මෙවර පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යල යෑම සඳහා අප විද්‍යලයෙන් විශාල පිරිසක් වරම් ලබා තිබිම විද්‍යලයට අභිමානයක් බව මතක් කර සිටිනවා. ” යැයි සඳහන් කරයි.

    Latest News