"නැදුන්ගමුව රාජා" නමින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් (වීඩියෝ)

දෙසැ 30, 2019
  • "නැදුන්ගමුව රාජා" හස්තියාගේ රුව සහිත සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද නිකුත් කෙරිණ.

    ඒ, දළදා වහන්සේ වැඩම කරමින් එම හස්තියා ජාතිය‍ වෙනුවෙන් සිදු කරන උදාර මෙහෙවර වෙනුවෙන්. ඉන්දියාවේ මයිසූර්හීදි 1953 වර්ෂයේ උපත ලද නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 66ක්. ආසියාවේ හීලෑ ඇතුන් අතරින් උසම හස්තියා වන නැදුන්ගමුවේ රාජා 2005 සිට දළඳා කරඬුව වැඩම කරවයි. සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීමේ උත්සවය පැවැත්වුණේ, ගම්පහ නැදුන්ගමුවේ, පිහිටි ඇතාගේ හිමිකරු වූ හර්ෂ ධර්මවිජය මහතා‍ගේ නිවසේ දී. ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති-ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මුද්දරයේ වටිනාකම රුපියල් 15ක්. මුල් දින කවරයේ වටිනාකම රුපියල් 45ක් වනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ 2354 වැනි මුද්දරය මෙයයි. දළඳා වහන්සේ වැඩම කළ රාජා ඇතාට පසු හස්තියෙකු වෙනුවෙන් වෙන් කළ දෙවන මුද්දරය ලෙසයි මෙය සැලකෙන්නේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් ද මීට එක්වූහ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 20:24

    Latest News