එම වෛද්‍ය සහතික දැනට නිකුත් කෙරෙන්නේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආයතනයෙන් පමණයි. එහි පවතින දැඩි තදබදය අවම කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණෙන්, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නව සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි, තීරණය කර ඇත්තේ.
ඒ අනූව, බර වාහන බලපත්‍ර සඳහා වූ වෛද්‍ය සහිතක හැර, අනෙකුත් සියලුම් සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය සහතික ඉදිරි සති කිහිපයෙන් පසු රජයේ රෝහල් මගින් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව රජය පවසයි.