නිකවැරටිය දැරියට පහරදුන් කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ් බාරයට (වීඩියෝ)

ජන 04, 2020
  • නිකවැරටිය, ගනේගොඩ ප්‍රදේශයේ දැරියකට පහරදීම සම්බන්ධ සැකකාරියන් දෙදෙනා මේ මස 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ.

    මෙම දැරියට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් සහ සැකකරුවෙකු කොටවෙහෙර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් තිදෙනා අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාරියන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහරනු ලැබ අතර, ලබන 30 වැනිදා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමට නියෝග කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:15

    Latest News