“සඟවණු ලැබූ මහ බැංකු බැඳුම්කර වංචාව“ කෘතිය එළි දකී (වීඩියෝ)

ජන 04, 2020
  • මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, එතුමා විසින් රචිත “සඟවණු ලැබූ මහ බැංකු බැඳුම්කර වංචාව“ පිළිබඳ ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී. උත්සවය කොළඹදී ඊයේ පැවැත්විණ. එහි පළමු පිටපත පිළිගන්වනු ලැබුවේ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, ඩියූ ගුණසේකර මහතාටයි. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු විද්වතුන් රැසක් මේ අවස්ථාවට එක්වූහ. බැඳුම්කර වංචාව පිළිබඳ වගකිව යුත්තේ කවුද, ඉන් රජයට සිදුවූ අලාභය, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගන්නේ කෙසේද යන්න ඇතුළු කරුණු රැසක් කෘතියේ අන්තර්ගතයි.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:13

    Latest News