එතනෝල් ප්‍රතිඅපනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවුණා; ප්‍රදීප් සංජීව (වීඩියෝ)

ජන 04, 2020
  • පසුගිය රජය සමයේ එතනෝල් ප්‍රතිඅපනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව, සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසයි.

    ඔහු කියා සිටියේ, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට වගකිව යුතු බවයි. මේ පිළිබඳ ප්‍රදීප් සංජීව මහතා ඊයේ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    “එතනෝල් ප්‍රතිඅපනයනය මුවාවෙන් ලංකාවට එතනෝල් ගෙන්වලා බදු ගෙවන්නේ නැතුව රජයට බදු වංචා කරලා, නැවත ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය නීති මංගල සමරවීර මහතා විසින් සකසලා තිබ්බා. අපි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්මයාට කියන්නේ මේ නීති රෙගුලාසි අස්සේ මංගල සමරවීරලා ප්‍රතිඅපනයනය මුවාවෙන් හොයපු මුදල් කන්දරාව සම්බන්ධව වහාම සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය මුල් කරගෙන පරීක්ෂණයක් පවත්වලා ඒ හොරකම් කරපු මුදල රජයට අයකරගන්න පුලුවන් නිසි ක්‍රමවේදයක් යොදවන්න. එතකොට ඒ අනුව ඔබතුමාට පුලුවන් ඔබතුමා බලාපොරොත්තු වෙච්ච මේ එතනෝල් ආනයනය කිරීමෙන් රජයට වන අලාභය වගේම එතනෝල් ප්‍රතිඅපනයනය කිරීමෙන් පසුගිය ආණ්ඩුවේ මංගල සමරවීරලා කරපු හානිය සම්බන්ධව අවශ්‍ය කරන දඩ මුදල් රජයට සපයාගන්න“ යැයි ප්‍රදීප් සංජීව මහතා පැවසීය.

    අරක්කු සහ බියර් බෝතල්වල ඇලවීමට යොදා ගන්නා ස්ටිකර් සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද ප්‍රදීප් සංජීව මහතා කරුණු පැහැදිලි කළේය.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:16

    Latest News