මඩොල්සිම බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් රජයෙන් වන්දි

ජන 07, 2020

    පස්සර අනතුරින් මියගිය අය වෙනුවෙන් අවමංග්‍යාධාරයක් සහ වන්දි මුදල් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනූව මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු.50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට නියමිතයි. මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් අද (07) දින පෙරවරුවේ මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතාගෙන් කරුණු විමසා සිටියේය.

    ඒ අනුව මරණයට පත්වූ මගීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සදහා රු. 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමටත්, තුවාල ලබා දැනට රෝහල්ගතවී සිටින තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍යවන සියලුම ද්‍රව්‍ය ගමනාගමන මණ්ඩලය මගින් සැපයීමටත් තීරණය අමාත්‍යවරයා තීරණය කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ හදිසි අනතුරු වලට ලක්වීමෙන් මරණයට පත්වු මගීන් සදහා අවමංග්‍යය ආධාර වශයෙන් මෙතෙක් ලබාදී ඇත්තේ රු. 25,000.00 ක මුදලකි.

    එම මුදල රු. 50,000 දක්වා වැඩිකරන ලෙසත්, එම පිරිස වෙනුවෙන් සුදුසු වන්දි මුදලක් ලබාදීමටත් කටයුතු කරන ලෙසත්, මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංගම සභාපතිවරයාට උපදෙස් දෙන ලදී.

    එමෙන්ම මෙම අනතුර සම්බන්ධ කටයුතු සොයා බැලිම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා අද (07) දින පස්සර බලා පිටත්ව ගියේය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 12:16

    Latest News